Facebook Twitter RSS
banner

sudoku හරි ලේසියි

ගොඩ කාලෙකින් බ්ලොගියට ලිපියක් ලියන්න හිතුවා . exam  result  ආවට පස්සේ මම හිතන්නේ මේ බ්ලොගියට ලිපියක් ලියනවමයි. result නම් ඉතින් මෙලෝ රහක් නැ .( බලාපොරොත්තු උන විදිහටම ) ඉතින් 2nd ෂයි එකට වැඩ ඇරඹුවා . එකයි වෙලාවක් නොතිබුනේ  බ්ලොගියට ලිපියක් ලියන්න .මේ ලිපිය ලියන්න නිධාන  කතාව උනේ මේකයි .  මේ පාඩම් කරන අල්ල පනල්ලේ  4න් එක උඩ ඉඳගෙන  ෆෝන් එකේ display එකත්  ගියා. display එක නැතුව   නිකන්  පිස්සු වගේ , එක හින්දා අම්මට බර බරේ  දාලා ගත්තා අලුතෙන්ම  nokia 105  ෆෝන් එකක් . අපිට කොහෙන්ද ලොකු ලොකු ඒවා ගන්න සල්ලි . තියන සොච්චමෙන් එපයි හැම එකක්ක්ම කරන්න ..  ෆෝන් එක ගත්තට පස්සේ  ෆෝන් එකේ තියන හැම දෙයක්ම බලනවනේ ඉතින් කවුරුත් .. ඔහොම බල බල ඉන්න කොට  හම්බු උනා ගේම් පොඩ්ඩක්  . ගේම් එකේ නම  sudoku  try  කොරෝලා බැලුවා බැලුවා ගහන්න තේරෙන්නෙම නැ .. ඕන දෙයක් වෙච්චාවේ කියලා ටිකක් හොයලා  බැලුවා  .  බඩු  අතේ මාට්ටු උනා ..ගේම් එක ගහන්න දැනගත්තාට පස්සේ ඉතින් ගහල බලන්න එපයි . ගහලත් බැලුවා .  මට සුපිරියටම අල්ලලා ගිය නිසා  ඔයාලටත් කියල දෙන්න හිතුනා . එකයි ලිපිය ලියන්න හිතුවේ . ඇත්තටම  sudoku  කියන්නේ   කාගෙවත් අවදානෙට ලක් නොවුණු ( ලංකාව තුල ) සුපිරිම ගේම් එකක් . හිතන්න පුරුදුවෙන්න සුපිරිම බන්ඩිය.ගොඩක් කස්ටිය මේ ගේම් එකේ ruls දන්නේ නැති නිසා  ගේම් එක සෙල්ලම් කරන්නේ නැ . එක නිසා මම අද ඔයාලට මේකේ ruls ටික කියල දෙන්නම් . ruls දන්නවා කියන්නේ මේ ගේම් එක සෙල්ලම් කරන්න දන්නවා කියන එක . හරි එහෙනම් වැඩේ පටාන් ගමු  

ගේම් එක පටන් ගන්නකොටම  තියෙන්නේ  නිකන් කොටු ගොඩක් ඇතුලේ ඉලක්කම් ටිකක් මේ වගේ  මෙන්නේ මේවයි මේකේ ruls 

01).මේ ලොකු කොටුව ඇතුලේ තියන පුංචි කොටුවල  තිරස් අතට එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ 

02).සිරස් අතට තියන පුංචි කොටුවලත්  එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ 

03).ලොකු කොටුව ඇතුලේ හයිලයිට් කරලා තියන තරමක් ලොකු කොටු තියෙන්නේ  අන්න ඒ කොටු ඇතුලෙත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ 

* නිකන් තේරුනේ නැ වගේ දැනෙනවානම්  මේ වීඩියෝ එකත් බලලම ඉන්නකෝ

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments: